භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
D.S.Senanayaka N.S.

ඩී.එස්.සේනානායක ජාතික පාසල

අම්පාර කලාපය

  • Register
  • Login
D.S.Senanayaka N.S.

ඩී.එස්.සේනානායක ජාතික පාසල

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 දිගාමඩුල්ල ආදි ආර්ය ජනාවාසයන්ගෙන් එකකි. වංශ කථා අනුව දීඝායු කුමරා විසින් පිහිටවනු ලැබූ මෙම ජනපදය ඉතා සු`ඵ කලකින්ම පණ්ඩුකාභය රජ යටතේ පැවති ප‍්‍රාදේශීය පාලන කොට්ඨාශයක් වීම ඉමහත් සතුටකි. එහෙත් රාජධානි බි`ද වැටීමත් සම`ග දිගාමඩුලූ පුරවරය වල් බිහි වන්නට පටන් ගැනීම අදුරු යුගයක උදාවකි. බි‍්‍රතාන්‍ය යුග වලින් පසු එළඹි නිදහස් ලංකා පාලනය යටතේ 1949 ආරම්භ වූ ගල්ඔය ගංගා නිම්න සංවර්ධන යෝජනා ක‍්‍රමය දිගාමඩුලූ පුරවරයේ නව පිබිදීමක ආරම්භයයි. ක‍්‍රමවත් සැලසුමක් යටතේ 1961 දී දිගාමඩුල්ලේ අම්පාර නමින් අලූත් පරිපාලන දිස්ත‍්‍රීක්කයක් එකතුවීම භාග්‍යයකි. අනතුරුව 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ මෙම ප‍්‍රදේශය දිගාමඩුල්ල නමින් මැතිවරණ කොට්ඨාශයක්ද නිර්මාණය වීම ඉමහත් ආඩම්බරයකි.
අලි ඇතුන් වන වලසුන්ගෙන් ගහනය වූ දිගාමඩුලූ පුරවරය තුළ මුල් කාලීන මිනිසා උත්සහ දැරුවේ ඉඩමක් සකස් කර එහි පදිංචිය තහවුරු කරගෙන වගා කටයුතු තුළින් තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටය.
සොබා දහමින් අනූනව එහි ආශ්චර්ය භුක්ති විදින මිනිසා ගොම මැටි පිදුරු වලින් සෙවිලි කළ නිවෙස් වල ජිවත්ව නූතනය වන විට ආර්ථික සාමාජික සංස්කෘතික අධ්‍යාපනික යන සියලූ අංශ වලින් පරිපූර්ණ වූ ආකාරය දිගාමඩුල්ලේ ඇති අනගි වටිනාකමක් සහිත පූජනීය ස්ථාන, පාඨශාලා, රෝහල්, කඩවීදී, සාප්පු, අනෙකුත් දෙපාර්තමේන්තු කදිම සාක්‍ෂි දරයි.
දිගාමඩුලූ පුරවරයේ වන දුර්ග, ජල දුර්ග, ගිරි දුර්ග, එළිපෙහෙළි කරමින් ගොවි ජනපද ආරම්භ වෙමින් ආර්ථික අංශය කෘෂි කර්මය කර්මාන්ත වෙළදාම ආදී අනේක විධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ දින දින දියුණු වූ අතර ගැමි ගෙදර වෙද මහතාගෙන් ඇරඹි සෞඛ්‍ය අංශය රෝහල් දක්වා වර්ධනය වී ඇත. පොල් අතු සෙවිලි කර ගොම මැටි ගා ගම් දනව් වල පිහිටි ගමේ පුංචි කඩය කඩ වීදි සාප්පු දක්වා වර්ධනය වීමද දිගාමඩුල්ලේ ආශ්චර්යයේ වටිනාකම ඔප් නංවන නිදසුනකි.
දිගාමඩුල්ලේ අධ්‍යාපන අංශය සංවර්ධනය වීමේ ප‍්‍රථම අදියර පරගහකැලේ, දමන, වඩිනාගල, කොක්නහර ආදී ස්ථානයන්හි ඇරඹි කුඩා පාඨශාලාය. ගොම මැටි ගෑ පිදුරු සෙවිලි කල පන්ති කාමර වලින් සමන්විත මෙකී පාසල් වල ගුරුවරයෙකු හෝ දෙදෙනෙකු අධ්‍යාපනය අරඹා ඇත. එම පාසල් නොදියුණු මට්ටමේම පැවතියේ කැලෑ වන රොද අතර අලි ඇතුන් නපුරු වන සතුන්ගෙන් ගහනය වූ ප‍්‍රදේශ අතර පිහිටීම හේතුවෙනි.
මෙවන් අධ්‍යාපන අවහිරතා මැද්දේ 1955 වර්ෂයේ පෙබරවාරි මස උපත ලැබූ ඞී.එස්.සේනානායක ජාතික පාසල මිශ‍්‍ර පාසලක් ලෙස ඇරඹි බව ආදි ශිෂ්‍ය අමරදාස මහතා ඉමහත් ආඩම්බරයෙන් සතුටින් තොරතුරු රැසක් ඉදිරිපත් කරයි. ලංකාව තුළ ඇරඹි ජනපද අතුරින් දෙවන ජනපදය ලෙස නම් කල හැකි ගල්ඔය ජනපදයේ මුල්ම පාසල පරගහකැලේය. අනතුරුව දමන, හි`ගුරාණ, වඩිනාගල, තොට්ටම ආශ‍්‍රිත කුඩා පාසල් බිහි වුවද 1955 ආරම්භ කල අම්/ඞී.එස්.සේනානායක විද්‍යාලය අනෙකුත් පාසල් වලට වඩා ඉදිරි පියවරක් බව වාර්තා වේ. මේ සම`ග ඇරඹි කාවන්තිස්ස විද්‍යාලය අම්පාර ඞී.එස්.සේනානායක විද්‍යාලයේ ප‍්‍රාථමික අංශය ලෙස පිළිගනියි.
මෙම පාසල් දෙක අතර පිහිටි කැලෑව කු`ඵමීමන් අලි කොටි වලසුන්ගෙන් ගහනය වූ බවත් ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයේ පිලිප් ගුණවර්ධන මහතාගේ ම`ග පෙන්වීම යටතේ පාසල් සිසුන් හරහා ගොඩ නැ`ගුණු ආරක්‍ෂක විධිවිධාන පැමිණි අභියෝග මැඩ පවත්වා අධ්‍යාපන කටයුතු නිම කරගැනීමට මහත් පිටුවහලක් විණි. ඒත් සම`ග 1956 වසරේ පැවති දෙමළ කලකෝලාහල පාසල් සිසුන්ට බලපෑම් කිරීමට සමත් වුවද ඔවුන් වටා ගොඩනැගුණ විචක්‍ෂණශීලී, නැණ නුවණින් පෝෂිත දැවැන්ත පෞර්ෂ සහිත ප‍්‍රාදේශීය නායකයින් ශිෂ්‍ය ¥පුතුන් බලපෑම් වලට නතු නොවී සිය ඉගනීම් කාර්යය සාර්ථකව කර ගැනීමට සමත් වී ඇති බැව් වැටහේ.
පාසල් ළමුන්ට පාසල වෙත ඒම ස`දහා පිළිසකර කිරීමක් නැති අතිදුෂ්කර මාර්ග පද්ධතිය විශාල බාධාවක් වූ අතර එය ම`ග හැරවීම උදෙසා ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයේ බස් රථ යෙදවීමද පාසල ඉදිරියට ගෙනයාමට ලබා දුන් දිරියක් ලෙස හදුනා ගත හැකිය.

පාසලට සම්බන්ධ වූ පාඨශාලා පරීක්‍ෂක කෙනෙක් පාසල් කටයුතු මැනවින් අධීක්‍ෂණය කල අතර කලාප අධ්‍යාපන කාර්යාලය මඩකලපුව තුළ දක්නට ලැබුණු බව ස`දහන් වේ. අම්පාර දිස්ත‍්‍රික්කය තුල විභාග මධ්‍යස්ථානය කල්මුනේ පිහිටා තිබුණු බව ඉතිහාසගත තොරතුරු වලින් කියවේ. කල්මුනේ ප‍්‍රදේශයේ පිහිටි ෆාතිමා කොලීජියට අම්පාර ප‍්‍රදේශයේ දෙමළ ¥දරුවන් සිප් සතර හදාරන්නට ගිය බවද වාර්තා වේ.
අම්පාර ඞී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය 1955 වර්ෂයේ අඩුපාඩුකම් සහිත දුෂ්කර කුඩා පාසලක් ලෙස ඇරඹීමත් සම`ග 6-10 අංශයේ ළමුන් 124ක්ද 11-13 අංශ වල ළමුන් 90ක් පමණද ඇතුළත්ව ළමුන් 200කට ආසන්න ප‍්‍රමාණයක් මෙහි ඉගෙනුම ලැබූ බව වාර්තා වේ.පාසලට නියමිත නිල ඇදුමක් නොවූ අතර ළමුන් කැමති ඇදුමකින් සැරසී පාසලට ඒම මුල් කාලීන පාසල් සමාජය තුල දක්නට ලැබුනු නොදියුණු ලක්‍ෂණයකි.
මෙම පාසලේ අතීත කාල සීමාව තුල ගුරුවරු වාර සටහන් සකස් කිරීමට දින සටහන් සකස් කිරීමට ඇප කැප වූ අතර ඒ ස`දහා ළමුන්ගේද සහය ලබා ගෙන ඉගෙනීම් කාර්යය ක‍්‍රමවත් කර ගැනීමට අපමණ වෙහෙසක් දරා ඇති බව තොරතුරු වලින් අනාවරණය වේ. ඒ හරහා ගුරු සිසු සබ`දතාවය අති ඉහළින් පැවතීම අගය කල යුතු කරුණකි.
1971 වර්ෂය වන තෙක් පාසල තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතෙක් උත්සහ දැරුවද විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බව කියවේ. එහෙත් අවට උහන තිස්සපුර/මල්වත්ත තිස්සපුර පාසල් සම`ග අම්පාර ඞී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අභ්‍යන්තර ක‍්‍රීඩා උත්සව අන්තර් පාඨශාලා ක‍්‍රීඩා උත්සව පැවතියද පාසල් අතර ගැටුම් ඇති නොවීම දැන ගන්නට ලැබුණු විශේෂ ලක්‍ෂණයකි.
ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය තුලින් බිහි වූ ගොවිජනපද වල දරුවන්ගේ ශිල්ප ලබා ගත් හදවත අම්/ඞී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය බව ශිල්ප ලැබූ අතීත මහත්ම මහත්මීන් බහුතරය අදහස් දක්වයි. මෙම පාසල තුල සේවය කල ඇදුරු මඩුල්ල 7-12 අතර සංඛ්‍යාවක් වූ අතර ඔවුන්ගේ දැඩි කැපවීම තුලින් ප‍්‍රතිඵල ඉහළ නැංවීමට ගත් උත්සහය විශිෂ්ඨය. අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය ලෙස ගණන් විෂය කොටස් ලෙස ඉගැන්වීම සිදුවිණි. මේ කාල වකවානුව තුල ීගීගක්‍ග විභාගය තුලින් ගුරු පත්වීම් ලබා ගැනීමට අවස්ථා සැලසීම නිසාද ඞී.එස්.සේනානායක විදුබිමට ඇදුරු මඩුල්ලේ අඩුපාඩු පරිපූර්ණ කර ගැනීමට අවස්ථා සැලසිණි.
පාසල තුල පැවති විෂයයන් මෙසේ විය. ගණිතය කාලච්ජේද තුනකට ඉගැන්විය. සිංහල භාෂාව/සිංහල සාහිත්‍ය/ඉතිහාසය/භූගෝලය/ප‍්‍රජාචාරය/සෞඛ්‍යය/ඉංග‍්‍රීසි/ඉංග‍්‍රීසි සාහිත්‍ය/චිත‍්‍ර විෂයයන් ඉගැන්වීම් කරන ලදී. ගුරුවරයා ඉහත සියලූ විෂය දැනුම ප‍්‍රගුණ කළ යුතු වීම එකල විශේෂත්වයක් විය. මෙම අතීත යුගයේ එකම විශ්ව විද්‍යාලය පේරාදෙණිය විය.
මේ යුගය තුල විශ්ව විද්‍යාල වරම් දක්වා ඉහළට යන දූ පුතුන් ඉතාම අඩු බව තොරතුරු අනාවරණය කරයි. මෙවන් අතිදුෂ්කර සේවාවක් භුක්ති විදි ශිෂ්‍යයා සහ ඔහු ගන්නා ප‍්‍රතිඵල පාසලේ ප‍්‍රගතිය හා ප‍්‍රවනතා රැසක් වර්තමානය තුළ මැනවින් වටහා ගත හැක.
අම්පාර ඞී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය දිගාමඩුලූ පුරවරයේ ආරම්භයත් සම`ග පැමිණි කටුක ගමනෙහි නිමාව නූතනය බව වත්මන් තොරතුරු ඇසුරින් පැවසිය හැක්කේ උතුරා ගිය සතුටිනි.ඉමහත් ආඩම්බරයෙනි.1955 වර්ෂයේ අම්පාර ඞී.එස්.සේනානායක විද්‍යාලය ලෙස ආරම්භ වී 1984.03.22වන දින විද්‍යාලය අම්පාර ඞී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය නමින්ද 1996.05.06 වන දින අම්/ඞී.එස්.සේනානායක ජාතික පාසල නමින්ද වර්තමානය තුල දිගාමඩුලූ හදවත ලෙස බැබලෙන ආකාරය අතිවිශිෂ්ඨය.
අතීතයේ ගොඩනැගිලි දෙකක් හා බුදු මැදුරක් ටකරං සෙවිලි කර පොල් අතු වට කල ආපන ශාලාවෙන් යුතු ඞී.එස්.සේනානායක විද්‍යාලය වර්තමානයේ විද්‍යා පන්ති කාමර සෞන්දර්ය විෂයන් සහිත පන්ති කාමර වලින් යුතු තෙමහල් ගොඩනැගිල්ල,වානිජ පන්ති සහිත ගොඩනැගිලි, කලා ගණිත විෂයන් සහිත පන්ති ගොඩනැගිලි, 6 7 8 9 10 ශ්‍රේණි සහිත දෙමහල් ගොඩනැගිලි, වාහන නැවතුම්පල, ක‍්‍රමානුකූලවූ ආපනශාලාව, ඉහල පහසුකම් සහිත වැසිකිලි කැසිකිලි ගොඩනැගිලි, ඥානප‍්‍රදීප ශාලාව, ශ‍්‍රවණාගාරය සහිත ගොඩනැගිලි, ක‍්‍රීඩා පිටිය, පාසල් වගාබිම්, අක්කර ගණන් සහිත පාසල් බිම වත්මන් දියුණුවේ වෙනස්කම් ලෙස හදුන්වා දිය හැක.
1955 වර්ෂයේ එක් ශිෂ්‍යයෙකු ශිෂ්‍යයාවන් 24 දෙනෙකුගෙන් ඇරඹි පාසල නූතනය වන විට 6-8 ශ්‍රේණි 9-11 ශ්‍රේණි 12-13 ශ්‍රේණි වල ළමුන් සියලූ දෙනා 2283 දක්වා වර්ධනය වීම පාසල් දියුණුවේ රහසකි.
ගුරු මඩුල්ල 4 දෙනෙකු 7 දෙනෙකු වූ අතර විදුහල්පතිද ගුරු හි`ගය ම`ගහරවා ගැනීමට ඉගැන්වීම් කටයුතු වල නිරත වී අති දුෂ්කර කාලයක් ගෙවා දැමූ ඞී.එස්.සේනානායක ජාතික පාසල් මෑණිය නූතනය වනවිට විදුහල්පතිවරයෙකු, නියෝජ්‍ය විදුහල්පතිවරු දෙදෙනෙකු, සහකාර විදුහල්පතිවරු 6 දෙනෙකු, අංශ ප‍්‍රධානීන් ඇතුලූ ඇ`දුරු මඩුල්ල 127 දෙනෙකුගෙන් සමන්විත වීම පාසලේ ධනාත්මක ප‍්‍රවනතාවයක් ලෙස හදුන්වා දියහැක.
1955 වර්ෂයේ සිට 1973 වර්ෂය පමණ වන තෙක් විශ්ව විද්‍යාල වරම් ලැබීමට ශිෂ්‍ය පිරිසට නොහැකි වූ අතර 1974 වර්ෂයේ එක් ශිෂ්‍යයෙකු විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීම ඉතා සතුටුදායක ආරංචියකි. එතැන් පටන් නූතනය වන විට බහුතරයක් විවිධ විෂයයන් හරහා විශ්ව විද්‍යාල වරම් ලබන අතර වෛද්‍යවරු/ ඉංජිනේරුවරු/ ව්‍යාපාරිකයින්/ ගුරුවරු/ ලිපිකරුවන්/ ග‍්‍රාම නිළධාරින් ආදී වෘත්තිකයන් රැසක් සහිත ශක්තිමත් ආදි ශිෂ්‍ය මණ්ඩලයක් ගොඩනගා ගැනීමටද දිවයිනේ නන් ප‍්‍රදේශවල ඔවුන්ගේ අනගි සේවා මෙහෙවර ලබාදීමද පාසල් මෑණිය ලද භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.
2014 වර්ෂය පාසලට ආදි ශිෂ්‍ය සංගමය/ශිෂ්‍ය පරම්පරාව මෙන්ම පාසලට සුභ පතන්නන්ගේ උදව් උපකාර මත නූතනය වන විට අම්පාර ඞී.එස්.සේනානායක ජාතික පාසල සතු බස් රථය ත‍්‍රීරෝද රථය පාසල් දූ පුතුන්ගේ භාග්‍යයක් ලෙස සැලකිය හැක.
ශිල්පා ලෝකා නමින් මෙකී සිප්බිම තුල පහත පරිදි නව ප‍්‍රවනතා රැසක් 2007 වර්ෂයේ ඔක්තෝබර් 18 වන දින විවෘත කරන ලදී. ප‍්‍රධාන ගේට්ටුව සකස් කර පිලිසකර කිරීම, උස තාප්පය වැට සහිත වීම, ලි`ද හා උස්සන ජල ටැංකිය හා ජලනළ පද්ධතිය පානීය ජල ටැංකිය, අභ්‍යන්තර දුරකථන පද්ධතිය, ඞී.එස්.වෙබ් අඩවිය, පරිගණක සම්පත් මධ්‍යස්ථානය, තොරතුරු තාක්‍ෂණ කුසලතා මධ්‍යස්ථානය, කෘෂි විද්‍යා ඒකකය, වානිජ විද්‍යා ඒකකය යනාදී සාරාර්ථි ප‍්‍රයාමයන් ඞී.එස්.විදුබිමේ නව සංවර්ධන ප‍්‍රවනතා ලෙස ලැබූ භෞතිකමය දායාදයන්ය.
ක‍්‍රීඩා අංශයද අතීතයේ පටන් සංවර්ධනය වූ ආකාරය වටිනා ඉදිරි පියවර රැසක ප‍්‍රතිඵල ලෙස පෙන්වා දිය හැකිය. පාසල ආරම්භයේ ක‍්‍රීඩා පිළිබ`ද එතරම් උනන්දුවක් නොතිබුණද 1999 වර්ෂයේදී අමාත්‍යාංශය හරහා පාසල හා සම්බන්ධ ක‍්‍රීඩා පාසලක් පිහිටුවීම විශේෂත්වයකි. ඒ අනුව අතීතයේ පැවති නෙට්බෝල්/වොලිබෝල්/ පිටියේ තර`ග නූතනයේදී හොකී/ටෙනිස්/රග්බි/ බැඞ්මින්ටන්/රගර්/පාපන්දු ආදී නවතම ක‍්‍රීඩා දක්වා විශේෂ ප‍්‍රවනතා රාශියක් හදුනාගත හැකිය. සමස්ත ලංකා ශූරතාවය දක්වා ක‍්‍රීඩා හැකියා දියුණුවීම සතුටට කරුණකි.
2015 පෙබරවාරි 28 විවෘත කරන ලද පිහිනුම් තටාකය පාසලේ තවත් ඉදිරි පියවරකි. ඒත් සම`ග ක‍්‍රීඩා පිටිය දෙපස ඉදිවූ වාහන නැවතුම හා බස් රථ නැවතුම පාසලේ තවත් දියුණුවකි.
මීට අමතරව පාසලේ විවිධ ආයතන හා සම්බන්ධව පවතින විවිධ තරගාවලි ඔදනහද සිමෙන්ති තර`ගය ෑජදබ ෂජදබ තර`ගය න්‍දයබ ඒරඉැඑ තර`ගය පාසලට රූපවාහිනී මාධ්‍ය හරහා විශිෂ්ට කුසලතා අත්පත් කල වෙනත් අවස්ථාය.
ඞී.එස්.සේනානායක විද්‍යාලය නමින් මානව හා භෞතික සම්පත් නොදියුණු මට්ටමින් උපත ලද විදුහල් මාතාව ඉහත ආකාරයට විවිධ අංශ ඔස්සේ ලැබූ විශිෂ්ට ප‍්‍රවනතා දිගාමඩුලූ දූ පුතුන්ගේ වාසනාවකි. ඞී.එස්.විදු මාතාව දිගාමඩුල්ලෙන් ලෝ වටිනා දුවෙක් පුතෙක් යන දැක්ම පෙරටු කොට ගෙන පිණැති නැණැති දිගාමඩුලූ දූ පුතුන්ට නිසි දේ නිසි තැන නිසි ලෙස දායාද කිරීමේ අටියෙන් උතුම් මෙහෙවරක යෙදෙන ඇදුරු නොඇදුරු සැමගේ කැපවීම නූතනයේ සියලූ දෙනාගේ ප‍්‍රශංසාවට ලක්වෙයි. ර්”විද්වාත් සර්වත‍්‍ර පූජ්‍යතො” ආදර්ශ පාඨය සිත්හි තබා ශිල්ප ලබන ඞී.එස්.විදු මාතාවගේ පුතුන් පාසල එදා මෙදා ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණය මෙලෙස සිහිපත් කරමින් ඉදිරි ගමනට හදවතින් සුභාශිංෂණය කරමි.

ආරම්භ කළ වර්ෂය

1955 වර්ෂයේ 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

7-12 අතර 

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

200

මුල් ගුරුතුමාගේ නම

 

පාසලේ ආදි කතෘගේ නම

එස්.කේ.වී.ජයවර්ධන

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

02

පාසලේ නම

අම්/ඞී.එස්.සේනානායක විද්‍යාලය 

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1955.02.01

පාසල පැවැත්වූ ස්ථානය

ගැමුණුපුර

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.විමලපාල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1955 පෙබරවාරි 02

D.S.Senanayaka N.S.

ඩී.එස්.සේනානායක ජාතික පාසල

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • D.S. Senanayake National School, Dharmaphala Mawatha, Ampara.

: (+94)94632222375

: (+94)94632222375

: [email protected]

Supported By

© 2026 D.S.Senanayaka N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk