|
2012 - 2021 |
එස්.කේ. සමරනායක |
|
2012.07.07 වනදින රාජකාරියට පැමිණි මොහු නමින් “සමරනායක සර්” විය.අප පාසලේ සිටි ශේෂ්ඨ මුල් ගුරුවරයෙකු වන මොහු තරමක් සැරපරුශ නිහතමානී මිනිසෙකි.අනෙකුත් සිටි මුල් ගුරුවරුන්ට නොදෙවිනි මොහු අප පාසල කෙරූ සේවාවන් රැසකි.නව බුදු මැදුර ඉදිකිරීම,ආදි ශිෂ්‍ය සංගමය හා එක්ව බස් රථයක් පාසලට ලබා ගැනීම,හොකී වැනි සුවිශේෂී ක්‍රීඩා තරග ආරම්භ කිරීම,නේවසිකාගාර අළුත්වැඩියාව,400M නව ක්‍රීඩා පිටිය ආරම්භයට කටයුතු කෙරූ මොහු 2021.00.00 වන දින අප පාසලෙන් සමුගත්හ. |
|
2001-2012 |
එස්.කේ.සුනිල් |
|
පෙර අප පාසලේ විදුහල්පතිව සිටි ජයසේන මුල් ගුරුතුමා ලෙසම නිහතමානී මිනිසකු වූ මෙතුමා 2001.06.22 වන දින ජයසේන ගුරුතුමා ගිය විගස වැඩ බාරගත් මෙතුමා පෙර සිටි මුල්ගුරුතුමාට දෙවෙනි නොවන ලෙස අප පාසලට සේවයක් කිරීමට පැමිණි මොහු දිඝාමඩුලු පුත්‍රයෙකි.මොහු අප අම්පාර ප්‍රදේශයේ යම් තරමක් ප්‍රසිද්ධ මොහු “සුනිල් සර්” විය. අප පාසල දියුණු කිරීමේ අරමුණින්ම පැමිණි මෙතුමා අප පාසලේ නව ස්ථාන ඉදිකිරීම වැනි විශේෂ මෙහෙයන් රැසක් ඉටු කලහ. අප පාසලේ පවතින විශේෂ ප්‍රධාන අංගයක් වන පිහිනුම් තටාකය ඉදිකිරීම සිදුකලහ.තවද අප පාසලේ පවතින විශේෂ ප්‍රධාන ප්‍රසංගයක් වන සුමියුරු ඩී.එස්. ප්‍රසංගය ආරම්භ කලහ.තවද අප පාසලේ අනන්‍යතාවයක් වන පාසල් ගීතය නවීකරනය කිරීම,පාසලේ පවතින ස්ථාන නාමකරනය,ආදි ශිෂ්‍ය සංගමය නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම,පාසල් පිරියත සංවර්ධනය නව ආකාරයකින් ක්‍රියාත්මක කිරීම වැනි විශාල මෙහෙවරයන් ප්‍රමාණයක් ඉටුකලහ.ඉතා කරුණාවන්ත හා නිහතමානී මිනිසකු වූ මෙතුමා 2012.07.07 අප පාසලින් සමුගත්හ. |
|
1997-2001 |
ඩබ්.ඒ.ජයසේන |
|
1997.10.20 වන දින වැඩ බාරගෙන අප පාසලට විශාල මෙහෙවරක් ඉටු කිරීමට පැමිණි මෙතුමා නමින් “ජයසේන සර්” විය.අප පාසල දියුණු කිරීමේ අරමුණින්ම පැමිණි මෙතුමා අප පාසලේ නව ගොඩනැගිලි ඉදිකිරීම වැනි විශේෂ මෙහෙයන් රැසක් ඉටු කලහ.අප පාසලේ පවතින විශේෂ පංති කාමරයක් වන සුමති ශාලාව ඉදිකීරීම,අප පාසලේ ප්‍රධාන අංගයක් වන ක්‍රීඩා පාසල ආරම්භ කිරීම,ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් කිරීම,ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කිරීම,අධ්‍යාපන අමාත්‍යංශය සම්බන්ධ කරගනිමින් භෞතික සම්පත් රැසක් පාසලට ලබා ගැනීම,ගුරු සිසු සබදතා හා සමගිය උපරිමයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කීරීම,අමාත්‍යංශයෙන් නොමද සහයක් ලබා ගනිමින් පාසලට අවශ්‍ය සියලු ගුරුවරුන් සපයා ගැනීම වැනි විශාල මෙහෙයක් සිදුකල මෙතුමා කිසිම සම්පතකට අයිති වාසිකම් නොකියා 2001.06.22 වන දින ස්ථාන මාරු පැමිණි විගස නිහඩවම අප පාසලෙන් සමු ගත්හ. |