නැගෙනහිර පළාත් පාසල් පිහිණුම් තරගාවලියෙන් ලැබු ජයග්‍රහණ
නැගෙනහිර පළාත් පාසල් පිහිණුම් ශූරතාවය පස්වන වරටත් අම්පාර ඩි.එස්. සේනානායක ජාතික පාසල විසින් දිනාගනු ලබයි.
නැගෙනහිර පළාතේ සිංහල දෙමළ මුස්ලිම් ජනවර්ග නියෝජනය කරමින් පාසල් ළමුන් 550කට වඩා අධික පිරිසකගේ සහභාගිත්වයෙන් වයස් කාණ්ඩ පහක් යටතේ බාලක බාලිකා වශයෙන් ඉසව් 124ක් සදහා ක්‍රිඩක ක්‍රීඩිකාවන් 2023 ජූලි මස 27 හා 28 දෙදින තුල අම්පාර ඩි.එස්. සේනානායක ජාතික පාසල් පිහිණුම් තටාකයෙදි තරග වැදුණු අතර එයින් ඉසව් 63කින් ප්‍රථමස්ථායන් ද දෙවන ස්ථාන 30ක් ද තුන්වන ස්ථාන 14ක් ලබා ගනිමින් සමස්ථ බාලක ශූරතාවයත් සමස්ථ බාලිකා ශූරතාවයත් හා සමස්ථ ශූරතාවයත් හිමිකරගන්නා ලදි. එමෙන්ම මෙම තරගාවලියේ නව තරග වාර්තා 35 බිහිවූ අතර ඒයින් තරග වාර්තා 27ක්ම අම්පාරේ ඩි.එස්. සේනානාක ජාතික පාසලේ දරුවන් විසින් බිහිකරන ලදි. එමෙන්ම වයස අවුරුදු 14න් පහල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ටෂානි අලහකෝණ් ක්‍රීඩිකාවත්, වයස අවුරුදු 16න් පහල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නොනිම් ආශිසනා . ක්‍රීඩිකාවත්, වයස 18න් පහල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සදුමිනි භාග්‍ය ක්‍රීඩිකාවත්, 20න් පහල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ප්‍රර්ථනා චන්ද්‍රදාස ක්‍රීඩිකාවත් 20න් පහල දක්ෂතම ක්‍රීඩකයා ලෙස චිරන දුල්නද ක්‍රීඩකයාත් සම්මාන හිමිකරගන්නා ලදි.
මේ වෙනුවෙන් කැපවූ පාසල් ප්‍රධාන උපදේශක, පුහුණුකරු ඉන්දික කුමාර මහතාට ගෞරවනීය ස්තුතිය පිරිනමමි.
විදුහල්පත,නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුලු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය