
පාසලේ 10,11,12,13 වාණිජ විශය හදාරන සියලු ම සිසුන්ගේ සහභාගීත්වයෙන් 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක ක්‍රියාකාරී සංගමයකි. ප්‍රධාන සංවිධානය 12,13 ශ්‍රේණිවල වාණිජ අංශයේ සිසුන්ගේ මූලිකතවයෙන් සිදු වේ. සමාජයේ පවතින ගැටලුවලට විසඳුමක් සොයන වාණිජමය වටිනාකමක් එක්කාසු කරමින් අභියෝග ජයගත හැකි නිර්මාණශීලී වාණිජ සිසු පරපුරක් බිහි කිරීම අපේක්ෂිතයි . 2022 වර්ෂයේ හොඳම වාණිජ සංගමය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මගින් සම්මාන ලබා ඇත. අනාගතයේ අභියෝග ජයගතහැකි දරුවන් පිරිසක් බිහිකර රටට වැඩදායි පුරවැසියන් දායාද කිරීම.